සිකුරාදාට රාජ්‍ය සේවකයින් : ගෙදර ඉඳලා වැඩ !

සිකුරාදාට රාජ්‍ය සේවකයින් : ගෙදර ඉඳලා වැඩ !

සිකුරාදා දිනය රාජ්‍ය සේවකයන් සඳහා නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි .

ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 04ක් දක්වා අඩුවන බව ඇමතිවරයා සඳහන් කර ඇත .

ඇමතිවරයා මේ බව පැවසුවේ අදට (05) යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මාදිවෙල කේතුමතී විහාරස්ථානයේ දී පැවති මී පැළ බෙදාදීමේ හා රෝපණය කිරීමේ අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය‍වේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් මෙය රටේ පවතින ඉන්ධන හා මූල්‍ය අර්බුදය හේතුවෙන් ගන්නා පියවරක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත .

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න