අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සංවිධානය කළ ‘මයිනාගෝගමේ’ සවි කර තිබූ අට්ටාලයක් අද (01) අලුයම පොලිස් නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
මේ අමානුෂික කටයුත්ත සිදුවූයේ අරලිය ගහ මන්දිරයේ අධි තාක්ෂණික ශබ්ද විකාශන හරහා දමා ඇති පිරිත් දේශනා මධ්‍යයේ ය.
කෙසේ වුවත් පොලිසිය සිදුකළ මේ ක්‍රියාව හේතුවෙන් , එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර විරෝධතාකරුවන් ඊට දැඩි විරෝධය පළ කර ඇත.
එහිදී පොලිසිය කිහිපදෙනෙකු ට පහරදී ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණ.
එහිදී විරෝධතාකරුවන් හඳුනාගත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු වෙත ඒ සම්බන්ධයෙන් චෝදනා කරනු දකින්නට ලැබිණ.
ඒ අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයකුට සිදුවීම ගැන පසුතැවිල්ලෙන් හැඬෙන ආකාරයත් වීඩියෝ හරහා දකින්නට ලැබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
