Image

මිල වැඩි නොකළොත් ගෑස් සැපයුමත් නෑ : ලිට්‍රෝ සභාපති ප්‍රසිද්ධියේ කියයි !

මිල වැඩි නොකළොත් ගෑස් සැපයුමත්  නෑ : ලිට්‍රෝ සභාපති ප්‍රසිද්ධියේ කියයි !

කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා මිල ඉහළ දැමීමක් සිදු කළ යුතු ම බවත් එසේ නොකරන්නේ නම් ගෑස් සැපයුම නතර කර දැමීමට සිදුවනු ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

අද (26) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමාගමේ සභාපති විජිත හේරත් මේ බව පැවසීය.

එනිසා ඉදිරියේදී ගෑස් මිල වැඩිවීම රජය විසින් නිවේදනය කරනු ඇති බවද ඔහු පවසයි.

මිල වැඩි නොකිරීම මත සමාගමට දිනකට රුපියල් කෝටි 25ක අලාභයකට මුහුණදීමට සිදුවනු ඇති බවක් ඔහු පෙන්වා දෙයි.

ඉදිරියේදී ගෑස් සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා මාධ්‍ය හමුවේ පැවසීය.

මේ වන විට ලාෆ් ගෑස් සමාගම සොය මෙහෙයුම් කටයුතු නවත්වා ඇති බව නිල වශයෙන් සඳහන් කර නැති නමුත් කිසිදු අලෙවි හලක ලාෆ් ගෑස් නොමැත. මේ වන විට යම් ප්‍රමාණයකට ගෑස් සැපයුම සිදුකරන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම පමණි. ඒ අනුව යම් ආකාරයකට ලිට්‍රෝ ගෑස් සමාගම සැපයුම නැවැත්වීමක් සිදුකළ හොත් මෙරට වෙළඳ පොළ තුළ ගෑස් නැත්තටම නැති වනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න