Image

කිසිසේත් ඉල්ලා අස්වෙන්නේ නෑ - මහින්ද : 124 ක් ඉන්නවා පුත්තලමෙන් හඬක් !

කිසිසේත් ඉල්ලා අස්වෙන්නේ නෑ - මහින්ද : 124 ක් ඉන්නවා පුත්තලමෙන් හඬක් !

තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ අද (26) ශ්‍රී ලංකා පොදුජන පාර්ලිමේන්තු හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවකදීය.

එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත් විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් එහිදී අගමැති පවසා ඇත.

ශ්‍රී ලංකා පෙරමුණ සඳහන් කරන්නේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය මේ වන විටත් ඇති බවයි.

124ක් ඉන්නවා - පුත්තලමෙන් හඬක්

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකු වන සනත් නිශාන්ත පවසා ඇත්තේ , අගමැති මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 124 දෙනකු සිටින බවයි.

එම 124 නොසලකා හැර 113 නොපෙන්වන කණ්ඩායමකට යම් විදියකින් හෝ අගමැති ධුරය බාර දුනහොත් අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු එම මන්ත්‍රීවරුන් 124 දෙනා විපක්ෂයේ අසුන් ගන්නා බවත් ඔහු පවසයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න