විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හදිසි ඉල්ලා අස්වීමත් සමඟ විදුලිබල අමාත්‍යවරයාගේ ධුරය සම්බන්ධයෙන් ද දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් සහ විවිධ කතාබහ නිර්මාණය වී තිබේ.
වාර්තා වන අන්දමට, පුරප්පාඩු වූ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් තනතුර සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු පත් කිරීමට නියමිතය.
මීට අමතරව, ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයාට ද වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
විශේෂ මාධ්‍ය හමුවක්
එසේම විශේෂ කරුණු පැහැදිලි කිරීම සඳහා අද (17) පස්වරු 4.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඇත.
මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් රැසක් සහභාගී වීමට නියමිතය.
ඒ සදහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉල්යාස් මුහම්මදු අර්කම් සහභාගී වනු ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
