Image

අරගලයේ අලුත් ගම : මයිනාගෝගම අරලියගහ මන්දිරය අසල ඉදිවෙයි !

අරගලයේ අලුත් ගම : මයිනාගෝගම අරලියගහ මන්දිරය අසල ඉදිවෙයි !

කොළඹ අගමැති නිල නිවස සහ කාර්‍යාලය ඇතුළත් අරලිය ගහ මන්දිරය ඉදිරියේ විරෝධතාකරුවන් විසින් මේ වන විට තාවකාලික කූඩාරම් ඉදිකර විරෝධය දක්වමින් සිටියි.

ජනාධිපති කාර්‍යාලය ආශ්‍රිත ගෝල්ෆේස් පිටිය ප්‍රදේශය " ගෝඨාගෝගම " ලෙස නම් කර ඇති අතර අරලිය ගහ මන්දිරය අසල " මයිනා ගෝ ගම " ලෙස නම්කර ඇත.

මේ අතර අරලිය ගහ මන්දිරය ආසන්නයේ විරෝධතාකරුවන් ඉවත් කිරීමට කොල්ලුපිටිය පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළත් එය අධිකරණය ප්‍රතිකේෂ්ප කර ඇත.

කෙසේ වුවත් ඊයේ (25) රාත්‍රියේ අරලිය ගහ මන්දිරය අසල පදික වේදිකාව හරස් කර පොලිසිය විසින් බස් රථ කිහිපයක් යෙදූ අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උනුසුම් තත්ත්වයක් ඇති විය.

ඇතිවූ තත්ත්වය සජීවී ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් විරෝධතාකරුවන් පොලිසියේ ක්‍රියාව දැඩිව විවේචනය කරනු දකින්නට ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න