'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) වැඩසටහනේ 2026 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ පසුගිය වර්ෂයේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) පැවැත්විණි.
'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) වැඩසටහන යටතේ 2026 වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති ජනතාවට වඩාත් සමීප වන අයුරින් සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, හුදෙක් රාජ්‍ය ව්‍යාපෘතියකට පමණක් සීමා නොවී, මහජනතාවට වඩාත් සමීප ව්‍යාපෘති තුළින් 'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) වැඩසටහන තවදුරටත් ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
තවද, පසුගිය වසරේ ප්‍රගතිය මෙහි දී සමාලෝචනය කෙරුණු අතර ඉදිරි වර්ෂය සඳහා වන ඉලක්ක සපුරා ගැනීම සඳහා අදාළ පාර්ශව සම්බන්ධ කරගනිමින් කටයුතු කරන ආකාරය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
ජනාධිපති මාධ්‍ය අංශය



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
