අන්තර්වාර ආණ්ඩුවෙත් අගමැති මමයි : මහින්ද තරයේ කියයි !

අන්තර්වාර ආණ්ඩුවෙත් අගමැති මමයි : මහින්ද තරයේ කියයි !

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටු වූ ද එහි ද අගමැතිවරයා තමන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ නෙත් නාලිකාව සමග සිදුකළ සාකච්ඡාවක් අවස්ථාවේ ය.

ඉතිහාසය නොදන්නා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණක් තමනට ඉවත්වෙන්නැයි ඉල්ලා ඇති බවද පැවසූ අගමැතිවරයා බහුතර මන්ත්‍රී පිරිසක් තමන් සමග සිටින බවද සඳහන් කළේය.

මේ මොහොතේ යම් අසීරු තැනක රට තිබෙන බව තමා පිළිගන්නා බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා එම අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇති බවද පැවසීය.

මීටත් වඩා දරුණු අර්බුදවලට රට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

ගාලු මුවදොර පිටියේ අරගලයක යෙදී සිටින පිරිස්වලට සාකච්ඡා සඳහා අරලිය ගහ මන්දිරය විවෘත බවත් නැවත වතාවක් තමන් සාකච්ඡා කිරීමට තමන් ආරාධනා කරන බවත් පැවසූ අගමැතිවරයා එසේ නො පැමිණෙන්නේ නම් ඔවුනට දිගටම සිදු වන්නේ අරගල කිරීමට පමණක් යයිද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න