ඩලස් අගමැති කරන්න : විපක්ෂයේ සහය !

ඩලස් අගමැති කරන්න : විපක්ෂයේ සහය !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධුරයේන් ඉවත් කර ඒ සඳහා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පත්කිරීම සඳහා සමගි ජන බලවේගය හා TNA , මුස්ලීම් කොන්ග්‍රසය සමග සාකච්ඡා සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඩලස් අලහප්පෙරුම අගමැති ධුරය ට පත් කිරීම සඳහා පක්ෂ 11කණඩායමේ නියොජිත පිරිසක් මෙකී පක්ෂ සමග සාකච්ඡා කර ඇත.

එහිදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම . 20 සංශෝධන ඉවත් කිරීම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා වූ බවත් වාර්තා වෙයි.

මෙම සාකච්ඡා සම්බන්ධයෙන් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සමගි ජනබලවේගය අදාළ යෝජනාව පිළිබඳ ධනාත්මක තැනක සිටින බවය.

එසේම ඩලස් අලහප්පෙරුම අගමැති ධුරය ට පත් කිරීම සඳහා විපක්ෂයේ අනෙකුත් කොටස් සමග ද සාකච්ඡා ආරම්භ කිරීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවට සංවේදී වෙමින්,

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වි සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් ද සිදුකර ඇත.

එසේ නොකර දාදු බලයෙන් හෝ බාහු බලයෙන් බලයේ රැඳී සිටීමේ නග්න අපේක්ෂාවෙන් සිදු කරන මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රම මඟින් සිදුවන්නේ අර්බුදයේ ගැඹුර සහ පරිමාව පුළුල්වීම පමණක් බවද එම ලිපියේ සඳහන් කර ඇත.

හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මෙම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදී ඇත්තේ පසුගිය අප්‍රේල් 21 වනදා ජනාධිපති මන්දිරයේ දි ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න