අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
අද (03) සන්ද්‍යාවේ ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විරෝධය සමනය කරගන්නට උපක්‍රමයක් ලෙස නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇති බවය.
මේ වන විට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ගේ බිරිඳ දරුවා ඇතුළු සමීපතමයන් කිහිපදෙනෙකු විදෙස් ගතව ඇති අතර , ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ධූරයට සමුදී ඔවුන් සමග එක්වන අපේක්ෂාවෙන් ඉල්ලා අස්වීම සිදුවන්නට ඇති බව තවත් විචාරකයන් ගේ අදහස වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
