බලතුලනයේ යම් ප්‍රශ්නයක් මතුවී ආණ්ඩුවේ බහුතරය අහිමිවීමේ අවදානමක් මතු වුවහොත් ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට හෝ කෙටි කලකට කල්තැබීමට රජයේ අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.
ආණ්ඩුවේ වැඩ කටයුතු නොමැති බව දැනුම්දී ( අණපනත් සම්මත කිරීම )අවුරුදු නිවාඩුව මූලික කරගෙන එසේ කල් තැබීමක් කළ හැකි බව ආණ්ඩුවේ ඉහළපෙළේ කිහිපදෙනෙකුම දැනටමත් කරුණු පෙන්වාදී ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේ වෙනම මන්ත්‍රී බහුතරයක්(113ක්) නිර්මාණය කිරීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක වන අතර පසුගිය සතියේත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොළඹ ස්ථාන තුනකදී පැවැත්වී ඇතැයි රජයේ බුද්ධි අංශ ආරංචිමාර්ගවලින් පැවසේ.
එම පෙරළිකාර කණ්ඩායම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් සමගමද සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.
සිය බහුතරය කතානායකවරයාට ලිඛිතව පෙන්වා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පෙරළිකාර කණ්ඩායම අපේක්ෂාවෙන් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පෙරළිකාර කණ්ඩායමේ සාකච්ඡා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා බුද්ධි අංශ කණ්ඩායම් රැසක් යොදවා සිටින අතර එම නිලධාරීන් දිවා රෑ නොබලා ඒ කටයුතුවල නියැලී සිටින බව වාර්තා වේ.
රාජ්‍ය බුද්ධි සේවය සහ බස්නාහිර පළාත් ( බුද්ධි ) මේ සඳහා ක්‍රියාත්මක වී සිටින බුද්ධි කණ්ඩායම් වේ.
-lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
