ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ආර්යාවගේ ජීවිතවලට තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ මගින් පූර්ව දැනුම් දීමක් සිදුකර නැතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ පැවසීය.
එසේම, ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස අසල උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පමණක් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබුණද, ඔවුන් පොලු මුගුරු රැගෙන ප්‍රචන්ඩකාරීව හැසිරෙන බවට දැනුම්දීමක් කර නැතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.
මේ අනුව මිරිහාන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේදී බුද්ධි අංශ අසමත්ව (ෆේල්) ඇති හෙයින් එම අංශයන්හි ප්‍රතිසංස්කරණයක් ද සිදුවිය යුතු බව ද ඔහු පැවසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේදී සිදුවූයේ මෙහි අනෙක් පැත්ත බවත්, බුද්ධී අංශ තොරතුරු ලබාදී තිබියදී ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම එහිදී සිදුවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ලංකාදීප
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
