මහජන හදිසි අවස්ථාවක් : ගැසට් එක මෙන්න !

මහජන  හදිසි අවස්ථාවක් : ගැසට් එක මෙන්න !

අප්‍රේල් මාසයේ 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම ආරක්ෂා කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සේවා පවත්වා ගෙන යාම සඳහා මෙසේ කිරීමට තමන් අදහස් කරන බවයි.

“ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයන් පැවතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම ආරක්ෂා කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සේවා පවත්වා ගෙන යාම සඳහා මෙසේ කිරීමට මා අදහස් කරන හෙයින්,

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන මම 1959 අංක 8 දරණ පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පණතින් සහ 1988 අංක 28 දරණ පනතින් සංශෝධිත (හතලිස්වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ඒ ආඥා පනතේ 11 වන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2022 අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක විය යුතු යැයි මෙසේ ප්‍රකාශ කරමි” එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

4 1

බස්නාහිරට ඇඳිරි නීතිය !

මේ අතර මීට පෙර වාර්තා වූයේ අප්‍රේල් 01 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවය.

එය අප්‍රේල් 02 වනදා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න