විරෝධය ගැන රැඩිකල් සෙන්ටර් නිවේදනයක් !

විරෝධය ගැන රැඩිකල් සෙන්ටර් නිවේදනයක් !

විරෝධය ප්‍රබල වන්නේ එය සාමකාමී වුවහොත් පමණක් බව රැඩිකල් මැද සාමූහිකය (රැඩිකල් සෙන්ටර්) අවධාරණය කර සිටියි.

 හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ආරම්භකළ 'රැඩිකල් මැද සාමූහිකය' එබව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

අප්‍රේල් 03 රට පුරා සංවිධානය කිරීමට නියමිත විරෝධතාවයට එක්වන මිනිසුන් වෙත ආයාචනයක් කර මින් එම සාමුහිකය පවසන්නේ, ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකොට පුරවැසි විරෝධය කෙලසන කූට සැලසුම් පරදමු කියාය.

'රැඩිකල් සෙන්ටර්' වෙනුවෙන්, ජයනි අබේසේකර - හරේන්ද්‍රන් ක්‍රිෂ්ණසාමි - කෙෂාල් ජයසිංහ - සී. එස්. කොඩිතුවක්කු - ෆිරෝ ෆාරුක් යන අයගේ අත්සනින් යුතුව අද (අප්‍රේල් 01) නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.

 සාමයත් එක්ක විරෝධය සැරයි!

 අප්‍රේල් 03 රට පුරා විරෝධයට එක්වන ඔබේ අවධානයටයි.

කිසිසේත්ම මේ විරෝධතාවය ප්‍රචණ්ඩත්වය කරා රැගෙන නොයාම අපේ වගකීමයි. එවැන්නක් සිදුවුවහොත් ඉන් වාසි ලබන්නේද ජන පීඩක ආණ්ඩුවයි. එමනිසා පහත කරුණු ගැන සැලකිලිමත් වන්න.

1. විරෝධතාවයට පැමිණි පසු තමන් අවට සිටින අය සමග කතාබහ කොට ඔවුන් හඳුනාගන්න.

2. පිරිස අතරින් නායකත්වයට කීපදෙනෙක් පත්කරගන්න.

3. කිසිවිටෙකත් ආවේගශීලී නොවන්න. තමන් අසල කෙනෙක් ආවේගශීලීව ක්‍රියාකරන්නට පෙළඹේ නම් ඔහු/ඇය ඉන් වළක්වන්න.

4. කිසිවෙකුගේ දේපොලවලට හානි නොකරන්න. මෙවන් විරෝධතාවයක එවන් ක්‍රියාවන් කරන අය සැබවින්ම විරෝධතා ව්‍යාපාරය පාවාදෙන්නන්‍ ය.

5. ගැටුම් ඇති කරනොගන්න. තමන් ශිෂ්ට පුරවැසියෙක් බවත් ආණ්ඩුව අශිෂ්ටව හැසිරෙන බවත් ආදර්ශයෙන් පෙන්වන්න.

6. සෑම විටම තමන්ගේ අසල්වැසියා ගැන අවධානයෙන් පසුවන්න. සැක කටයුතු බවක් දැනුනොත් නායකත්ව පිරිසට දන්වන්න.

විරෝධය ප්‍රබල වන්නේ එය සාමකාමී වුවහොත් පමණි.

මෙය විරෝධයට සහභාගි වන ඔබේ මිතුරන් අතර ෂෙයාර් කරන්න.

පුරවැසි විරෝධයට ජය!

(රැඩිකල් මැද සාමූහිකය)
2022 අප්‍රේල් 01

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න