බැසිල් පොහොට්ටුව පමණක් කැඳවයි : තීන්දුවක් ගන්නද ?

බැසිල් පොහොට්ටුව පමණක් කැඳවයි : තීන්දුවක් ගන්නද ?

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද (01) සවස 6.00 ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පමණක් සීමා වූ රැස්වීමක් කැඳවීමට පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

මෙම රැස්වීමේදී දැනට රට තුළ මතුව ඇති විරෝධතා රැල්ල සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇති බවත් එහි දැක්වෙයි.

බැසිල් ඉවතට !

මේ අතර අද පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් ආණ්ඩුව හිතවාදී වෙබ් මාධ්‍ය මෙසේද වාර්තා කර ඇත.

මෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට රටපුරා මතුව ඇති මහජන විරෝධය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඔහු දරමින් සිටින මුදල් ඇමතිධූරයෙන් ඉවත් කිරීමට බොහෝ පාර්ශවයන් රජයයට ඉල්ලීම් කර ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (31) රජයට හිතවත් භික්ෂූන්වහන්සේලා පිරිසක් ද ජනාධිපතිවරයාට දැඩි ඉල්ලීමක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂව සිය ධූරයෙන් ඉවත් කරන ලෙස බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය හමුවේ මෙන්ම ඊයේ රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් යලිත් වතාවක් මුදල් ඇමතිවරයාව ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද සඳහන්.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න