Language Switcher

V2025

අද දිනයේ ‍මරණ 20යි : කොරෝනා මරණ 15,420ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (29) තහවුරු කර ඇති බවය.

ඒ අතර අවුරුදු 30ට අඩු පුද්ගලයින් 3 දෙනෙකු ද වාර්තා වී ඇති අතර ඊට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අයත්ය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,420කි.