විදුලි බල මණ්ඩලේ IOC වෙතින් තෙල් ගන්න යයි !

විදුලි බල මණ්ඩලේ IOC වෙතින් තෙල් ගන්න යයි !

පවතින විදුලි අර්බුදය හේතුවෙන් අවශ්‍ය ඉන්ධන හිඟය පියවා ගැනීම සඳහා ඉන්දියන් ඔයිල් සමාගමෙන් (IOC) සෘජුවම ඉන්ධන මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලය සූදානම් වන බව වාර්තා වෙයි.

විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පවසන්නේ හෙට (31) සහ අනිද්දා (01) දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගම හරහා විදුලිබල මණ්ඩලයට සෘජුවම තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි.

ඔහු ප්‍රකාශ කරන්නේ ඉදිරි සතිය සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් හෙට (31) දිනයේදී තීරණයක් ගත යුතුව ඇති බවය.

පෞද්ගලික බලාගාර තුළින් කෙටි කාලීනව විදුලිය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ඇමති ගාමිණී ලොකුගේ පවසයි.

“දැනට අපිට තෙල් සැපයීම කෙරෙනවා. සඳුදා ඉදලා බලන්න ඕනේ ඊළඟ සතියේ තෙල් ටික ගන්නේ කොහොමද කියලා. IOC එකත් එක්ක සාකච්ඡා කළා. විදුලිය විසන්ධි කිරීමකින් තොරව පවත්වාගෙන යන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒක තමා ජනාධිපතිතුමා අපිට කියලා තියෙන්නේ. විදුලිබල මණ්ඩලය ඒ වෙනුවෙන් කටයුතු කරන්න. තෙල් සංස්ථාවත් ඒ අනුව කටයුතු කරන්න. ඊට අමතරව අපිට තෙල් සංස්ථාව අවසර දීලා තියෙනවා සෘජුවම තෙල් ගෙන්න. ඒ ගැනත් අපි සාකච්ඡා කරනවා. මං හිතන්නේ ඉන්දියන් ඔයිල් සමාගමෙන් අපිට තෙල් ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ ගැන මුදල් අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරගෙන යනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න