ඇමති රාජිත සහ "චතුර පුතා" අතර විවාදයක් !

ඇමති රාජිත සහ "චතුර පුතා" අතර විවාදයක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්වී තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න අතර දැඩි මත ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

මත ගැටුමට හේතුව වී ඇත්තේ අදාළ විශ්වාසභංග යෝජනාව පරාජය කල යුතු බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා දැඩි ස්ථාවරයක සිටීමත් ඊට විරුද්ධ මතයේ චතුර සේනාරත්න මන්ත්‍රීවරයා දැඩිව සිටීමත්ය.

රනිල් විතරක් නෙවයි ලොක්කෝ සේරම වෙනස් වෙන්න ඕන - චතුර සේනාරත්න

එසේම මන්ත්‍රී චතුර සේනාරත්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව එම ධුරයෙන් පමණක් නොව එජාප නායකත්වයෙන්ද ඉවත් කල යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බවත්, එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනි යාමට නම් නායකත්වය පමණක් නොව පක්ෂයේ ඉහල තනතුරු සියල්ල වෙනස් විය යුතු බවට අදහසක සිටින බව මන්ත්‍රීවරයාගේ දේශපාලන සමීපතමයකු නිව්ස් ටියුබ් වෙත පැවසීය.

ජනාධිපති අගමැති රකින පෙරමුණේ ඉස්සරහම ඉන්නේ මම - රාජිත සේනාරත්න

එහෙත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා දිගින් දිගටම සඳහන් කර සිටින්නේ විශ්වාසභංග යෝජනාව පරාජය කර අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව ආරක්ෂා කල යුතු බවය.

අගමැති ඉවත්කරන්න අවශ්‍ය ඒකාබද්ධ විපක්ෂයට නම් චතුරගේ අවශ්‍යතාව මොකක්ද?

අවස්ථා ගණනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටි අතර පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කරන පෙරමුණේ ඉදිරියෙන්ම සිටින බවත් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගය අවශ්‍ය රාජපක්ෂලා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට පමණක් බවත්ය.

එසේම තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති නඩු හබ වලින් බේරීම සදහා ඔවුන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් එය නොතේරෙන රජයේ සිටන ඇතැම් මැති ඇමැතිවරුන් ද විවිධ අදහස් පළ කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.

කෙසේ නමුත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මේ වන විට එජාප නායකත්වය වෙනස් කිරීමේ සටනේ එක් පියවරක් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයට සහය දිය යුතු බවට චතුර සේනාරත්න මන්ත්‍රීවරයා එජාප මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් සිටින බවය.

එසේම අග්‍රාමාත්‍ය රනිල් සහ ඔහුගේ මිතුරන් පිරිඅ දිනපතා පක්ෂය අගාධයට ගෙන යන බවත් ඒ හේතුවෙන් ඔවුන් සියළු දෙනා ඉවත් කරන තුරු පක්ෂයට ජයග්‍රහණය කල නොහැකි බවද ඔහු එහිදී සඳහන් කරන බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න