තේවලට සීනි දැමූවන් වහාම හෙළිදරව් කරන්න : සුනිල් හඳුන්නෙත්ති

තේවලට සීනි දැමූවන් වහාම හෙළිදරව් කරන්න : සුනිල් හඳුන්නෙත්ති

තේ නිෂ්පාදනයේදී සීනි සහ ග්ලූකෝස් මිශ‍්‍ර කරනු ලබන බවට අනාවරණය කරගෙන තිබෙන තේ කර්මාන්ත ශාලා 53 වහාම රටට හෙළිකර නීතිය හමුවට පමුණවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මෙසේ අවධාරණය කර ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක වෙත ලිපියක් යොමුකරමින්ය.

මෙවැනි ජාවාරම්කාර කටයුතු හේතුවෙන් ‘ශ‍්‍රී ලංකා තේ’ නාමය අපකීර්තියට පත්වන බවත් ඔවුන් කවුදැයි යන්න හෙළිනොකිරීම හේතුවෙන් සාධාරණ ලෙස තේ කර්මාන්තයේ නියැලෙන අයද එම දූෂිතයින් ගණයටම අයත්වී සමානව අපකීර්තියට ලක්වන බවද එම ලිපිය හරහා මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

තේ මණ්ඩලයේ හිටපු සභාපතිගේ අනාවරණය

තේ මණ්ඩලයේ එවකට සභාපති රොහාන් පෙතියාගොඩ මහතා ජනමාධ්‍යට කියා තිබුණේ රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල තේ කර්මාන්ත ශාලා 80ක් වැටලීමේදී මෙම කම්හල් 53 ක් සීනී හා ග්ලූකෝස් මිශ‍්‍ර කර දළු ඇඹරීම කරන බව සොයා ගත් බවය.

අභ්‍යන්තර අවවාදදීම පමණක් ප්‍රමාණවත් නෑ!

එසේම ඒ සමඟ අනාවරණය වූයේ අදාළ කම්හල් 53 ට අභ්‍යන්තරික ලෙස අවවාද කිරීමක් පමණක් සිදුකිරීමට තේ මණ්ඩලය කටයුතු කර ඇති බවය.

වැවිලි කටයුතු අමාත්‍යංශය යටතේ තිබෙන ශ්‍රී ලංකා තේ මණ්ඩලය අදාළ වැටලීම් සිදුකිරීම අගය කරන කටයුත්තක් වන නමුත් මන්ත්‍රීවරයා අමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියේ දැක්වෙන්නේ තේ කර්මාන්තයේ කීර්තිනාමයට හානි කළ 53 දෙනාගේ නම් සහිතව හෙළිදරව් කිරීමට නොහැකි නම් අවම වශයෙන් සාධාරණ ලෙස තේ නිෂ්පාදනය කරනු ලබන්නේ යැයි හඳුනාගත් 27 දෙනාගේ නම් ප‍්‍රසිද්ධ කිරීමවත් සිදුකල යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න