ලිඛිත විසඳුමක් ලැබෙන තුරු දීපව්‍යාප්ත වැඩ වර්ජනය ක්‍රියාත්මකයි

ලිඛිත විසඳුමක් ලැබෙන තුරු දීපව්‍යාප්ත වැඩ වර්ජනය ක්‍රියාත්මකයි

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම මාරු මණ්ඩලය හරහා සිදු නොකිරීමට විරෝධය පළකිරීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද (22) දෙවන දිනටත් ක්‍රියාත්මක විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව  පැවසුවේ, සිය ඉල්ලීම්වලට අදාළව මේ අදක්වා සිය සංගමයට රජයෙන් ප්‍රධාන සාකච්ඡාවක් ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවති බවත් එහිදී මූලික කාරණා 05ක් පිළිඳව දීර්ඝව සාකච්ඡා වූ බව ත් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සඳහන් කළේය.

වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම මූලික සාකච්ඡාවකට අදාළව නිශ්චිත පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටින බවයි.

මේ අතර වර්ජනය ක්‍රියාත්මක වුව ද හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක් බව වෛද්‍ය චන්දික එපිටකඩුව  වැඩිදුරටත් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල රෝගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

තවද,  සිය ඉල්ලීම් සඳහා ලිඛිත විසඳුමක් ලැබෙන තුරු දීපව්‍යාප්ත වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සඳහන් කළේය.

කෙසේවෙතත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  පැවසුවේ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදිව සිදුකර ඇති බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න