පාකිස්ථානයේද කෲර ලෙස කළ ඝාතනය සම්බන්ධයෙන් 100ක් අත්අඩංගුවට

පාකිස්ථානයේද කෲර ලෙස කළ ඝාතනය සම්බන්ධයෙන් 100ක් අත්අඩංගුවට

පකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී ඊයේ පාකිස්ථානුවන් පිරිසක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු වධ හිංසනයට ලක් කර ඝාතනය කර තිබුණි.

වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බව පකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කර තිබූ අතර එම සිදුවීමට අදාළ දර්ශන ද විදෙස් මාධ්‍ය ඔස්සේ පළ කෙරිණ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සියල්කොට්හී පෞද්ගලික කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි.

මේ අතර ඊයේ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කර සිටියේ, ශ්‍රී ලාංකිකයාගේ ඝාතනයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනැවිත් දැඩි දඬුවම් පමුණුවන බවයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, එලෙස ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීම පාකිස්ථානයට ලැජ්ජාවක් බවත් ඝාතනයට අදාළ පරීක්ෂණය තමන් අධීක්ෂණය කරමින් සිටින බවත් ය.

News 1st

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න