උකුවෙල ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අදාළ මන්ත්‍රීවරයා බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.
ඒ දැරියගේ දෙමවුපියන් සිදුකර ඇති පැමිණිල්ලක් අනුවය.
මේ වනවිට සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
එම දැරිය වාසය කර ඇත්තේ තම මවුපියන් සමඟ සැකකාර මන්ත්‍රීවරයාට අයත් නිවසක වන අතර කිසිවකු නිවසේ නැති ස්ථාන අවස්ථාවක මෙම පුද්ගලයා පැමිණ දැරියට ලිංගික අතවරයක් කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
