Language Switcher

V2025

පීබී දැන් ඇති : දිලිත් ප්‍රසිද්ධියේ දැනුම්දෙයි!

දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු, බිලියනපති ව්‍යාපාරික, දිලිත් ජයවීර විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සම්බන්ධයෙන් තබා ඇති සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගෙ අවධානය යොමුව ඇත.

සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති, බිලියනපති ව්‍යාපාරික දිලිත් ජයවීර සඳහන් කර ඇත්තේ ,

"මගේ අදහස වන්නේ ආචාර්ය පී බී දැනට රට වෙනුවෙන් ඉටුකොට ඇති සේවය අතිශයින්ම ප්‍රමාණවත් බවයි" යනුවෙනි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැක්වුන බොහෝ ප්‍රතිචාර වල සඳහන්ව තිබෙන්නේ පී.බී. ජයසුන්දර ට අවාසි වන, ජනාධිපති ලේකම් ධූරය අහිමිවන බව ප්‍රකට කෙරෙන ප්‍රතිචාර ය.

දිලිත් ජයවීර බිලියනපති ව්‍යාපාරිකයකු සේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සමීපතමයකු ලෙසත් ප්‍රසිද්ධය. එහිදී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට පමණක් නොව, රාජපක්ෂ කඳවුර තුළ අපේක්ෂකත්වය ගෙන දීමට පවා තිරය පිටුපස විශාල වැඩ කොටසක් සිදුකරේ දිලිත් ජයවීර බවත් දේශපාලන - ව්‍යාපාරික ක්ශේත්‍රයේ ද ප්‍රසිද්ධ කරුණකි.

වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයකු ලෙසත් දිලිත් ජයවීර ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරනු ලැබුවෙකි.

ඒ අනුව අංක එකේ රාජ්‍ය නිලධාරියාගේ සේවය දැන් ප්‍රමාණවත් බව මේ කියන්නේ රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයකු සිය පෞද්ගලික ෆේස්බුක් පිටුව හරහාය.

පහත දැක්වෙන්නේ දිලිත් ජයවීර ගේ ෆේස්බුක් සටහන සහ ඊට ලැබුණු ප්‍රතිචාර කිහිපයකි.

screen1

scre 2