තෙල් මිල ගැනත් ඇමතිගෙන්ම ඉඟියක් !

තෙල් මිල ගැනත් ඇමතිගෙන්ම ඉඟියක් !

අගෝස්තු මස 31 වනදා වන විට තෙල් සංස්ථාවට බිලියන හැත්තෑවක අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

ඩොලරයේ අගය ඉහල යාම සමගම ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යමින් ඇතැයිද අමාත්‍යවරයා පේනාවා දෙයි.

මෙය තවදුරටත් දරා ගත නොහැකි වූවොත් එය ජනතාවට භාර දීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

සිය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරනු ලැබු අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

යමක් 108 වතාවක් ජප කලොත් ඒක ඇත්තක් වෙනවා කියා පුරාණ ගැමි විශ්වාසයක් තිබෙනවා. දැන් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ තෙල් හිඟයක් ඇති වන බව විපක්ෂයේ මන්ත්‍රිවරු ජප කරන්නේ එහෙම කිව්වාම ඇත්තටම තෙල් හිඟයක් ඇති වේවි කියන අන්ධ විශ්වාසයයෙන් බවයි පේන්නේ. විපක්ෂයට අවංකවම ප්‍රශ්ණයක් තියෙනවා. රටේ විදේශ විණිමය අර්බුදයක් ඇති වුණාම මුලින්ම ඇතිවෙන්න ඕනෑ තෙල් හිඟය. ලෝකයේ අනික් රටවල උනෙත් එහෙමයි. මේ මොහොතේ වෙමින් පවතින්නේ ද එහෙමයි. අපේ සමස්ථ ආනයන වියදමින් 20% වඩා වැය වන රටේ ප්‍රධානම ආනයන භාණ්ඩය ඉන්ධන. ඒ වගේම තෙල් කියන එක ආවට ගියාට කඩෙන් ගේන්නත් බැහැ. මාස ගාණක් පුරා ලෑස්ති වෙන්නට ඕනේ. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකදී ලෝකයේ රටවල් මුලින්ම මුහුණ පාන්නේ තෙල් හිගයකට. ඉතින් ඒක උනේ නැති නිසා අනේ වෙයන් අනේ වෙයන් කියමින් විපක්ෂය ජප කරමින් ඉන්න බවයි අපිටනම් පේන්නේ.

ගරු විපක්ෂ නායකතුමා අගෝස්තු 10 දිනත්, ආචාර්ය හර්ෂ සිල්වා මන්ත්‍රිතුමා ජූලි 19, අගෝස්තු 31 සහ සැප්තැම්බර් 25 දිනවලත්, මුජිබර් රහ්මන් මන්ත්‍රිතුමා අගෝස්තු 18 දිනත්, පාඨලි චම්පික මන්ත්‍රිතුමා ජූලි 21 දිනත් සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ජූලි 15 දිනත් නුදරු දිනක ලංකාවේ තෙල් හිඟයක් ඇති වන බවට අනාවැකි පල කලා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් තුන් පාරක්ම කිව්වා. අවසානයට කිව්වේ පසුගිය සඳුදා. තමුන්නාසේලාගේම මාධ්‍ය වල පරන ප්‍රවෘත්ති වලට ගිහින් බැලුවොත් අපිට පේනවා නුදුරු දිනකදී වෙනවා කියන්නේ මාස තුනක ඉදලයි. එහෙම එකක් වුනේ නැහැ. එහෙම නොවෙන තත්වයට වග බලා ගැනීම තමයි අපේ වගකීම වෙන්නේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න