ඊයේ දිනයේදී පුද්ගලයන් 144 ක් කොවිඩ් 19 වෛරසය වැළඳීමෙන් මරණයට පත්ව ඇත. ඒ අනුව මෙරට තුළ සිදු වූ සමස්ත මරණ ප්‍රමාණය 11,296 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 77 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 67 දෙනා කාන්තාවන් ය.
ඊයේ මියගිය පුද්ගලයන්ගෙන් 21 ක් අවුරුදු 30 - 60 අතර වේ. අවරුදු 30 ට අඩු එක් අයෙක්ද මියගොස් ඇත.
අද (12) වාර්තා කරන ලද මෙම මරණ 144 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
අවසන් දින 30 තුළදී පමණක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 5500 ඉක්මවන පිරිසක් මියගොස් ඇති අතර, එය සමස්ත මරණවලින් 50% ඉක්මවන ප්‍රමාණයකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
