මෙවර 5 ශිෂ්‍යත්ව හා A/l විභාග අයදුම්පත් බාර ගැනීමේ කාලය දීර්ඝ කරයි

මෙවර 5 ශිෂ්‍යත්ව හා A/l විභාග අයදුම්පත් බාර ගැනීමේ කාලය දීර්ඝ කරයි

2021 අ.පො.ස. උසස් පෙළ විභාගය සහ පහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙවර සෑම විභාග අපේක්ෂකයකුම අයැදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ ඔන්ලයින් ක්‍රමවේදයට පමණක් බවද අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටී.

ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ විභාග දෙපාර්තමේන්තුවෙි නිල ජංගම දුරකථනය යෙදවුම වන "DoE"වෙත පිවිස අදාළ උපදෙස් කියවා ඒ අනුවම නිවැරදි ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත්‍ර යොමු කළ යුතු වේ.

විභාග සඳහා ඉදිරිපත් වන රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරයාට දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයපෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතු වෙයි.ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න