”ලැබෙන එන්නත හොඳම එන්නත” ලෙස සලකා 18 – 30 පිරිස් සඳහා එන්නත්කිරීම ඇරඹේ

 ”ලැබෙන එන්නත හොඳම එන්නත” ලෙස සලකා 18 – 30 පිරිස් සඳහා එන්නත්කිරීම ඇරඹේ

වයස අවුරුදු 18 – 30 ත් අතර පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන අද (02) සිට දිස්ත්‍රික්ක මට්ට්මින් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

එම වයස් කාණ්ඩයේ මිලියන 3.7ක් පමණ වන පුද්ගලයින් සඳහා කඩිනමින් එන්නත් කර අවසන් කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (02) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මේ අතර එළැඹෙන සති දෙක තුන අවසන් වීමට පෙර වයස අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි ද මෙහිදී අමාත්‍යවරයා පැවසූ බව අදාළ නිවේදනයේ සඳහන් ය.

තව ද ඔක්තෝබර් අවසානයට පෙර අවුරුදු 18 ඉක්මවූ පුරවැසියන් සඳහා වන එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා එහිදී විශ්වාසය පළ කර තිබේ.

 ”ලැබෙන එන්නත හොඳම එන්නත” ලෙස සලකා හිමිවන කුමන හෝ එන්නතක් කඩිනමින් ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න