සැප්තැම්බර් 03 තීරණාත්මක තීන්දුවක් !

සැප්තැම්බර් 03 තීරණාත්මක තීන්දුවක් !

මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේ ද එසේත් නැත්නම් ඉවත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් හෙට (03) දිනයේ තීරණය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඊට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට දින රැස්වන කොවිඩ් කාර්යසාධක බළකා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

මේ වනවිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන 6 වන සඳුදා දින අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක අතර අගෝස්තු මස 20 වන දින සිට මෙම නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙයි.

මේ අතර දැනට ක්‍රියාත්මක රට වසා දැමීමේ ප්‍රතිඵල ලබාගැනීමට නම් බීජෞෂණ සමයන් දෙකක්වත් ගත යුතු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

තවත් සති දෙකක්වත් සංචරණ සීමා පවත්වා ගැනීම හා අන්තර්පුද්ගල සබඳතා පැවැත්වීම වැළැක්වීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවද ඔහු පැවසීය.

යම් ලෙසකින් සදුදා දිනයේ සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් ප්‍රසිද්ධ ස්ථානයන්හි ජනතාව ඒකරාශී කිරීම පාලනය කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද ඊට අවශ්‍ය විධිවිධාන දැන්ම සැලසුම් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

එසේ සිදු නොකර නැවතත් සෞඛ්‍ය අංශවලට චෝදනා නොකරන්නැයි ඉල්ලීමක් කරන බවද සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වෛරසයෙන් ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වලට අනුගත නොවී රට වසා දැමීමෙන් පමණක් ප්‍රශ්නය විසඳා ගත නොහැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.

රට වසා දැමීමට වඩා වැදගත් වන්නේ රෝගය බෝවීම වළක්වා ගැනීමේ චර්යාධර්ම වලට ජනතාව හුරු වීම බවද ඔහු එහිදී අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න