ශ්‍රීලනිපයට 70 යි : චන්ද්‍රිකාගෙන් ප්‍රතිඥාවක් ! (වීඩියෝ )

ශ්‍රීලනිපයට 70 යි : චන්ද්‍රිකාගෙන් ප්‍රතිඥාවක් ! (වීඩියෝ )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති රූක්ෂ ගස කඳින් කපා වෙන් කළ ද නැවත ශක්තිමත්ව ලියලනු ඇති බවත් රූක්ෂ ගස බිහි වන දා තමා ජීවතුන් අතර සිටී දැයි නොදන්නා නමුත් ලියලා ගෙන එන රූක්ෂ ගසට ශක්තියක් දෙන්න අවශ්‍ය තරුණ පරපුරක් හදන්නට තමා උර දෙන බවද චන්ද්‍රිකා කුමාරණතුංග පවසයි.

හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 70ක් පිරීම නිමිත්තෙන් විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත යොමුකරමිනි.

පක්ෂය සම්පූර්ණයෙන් විනාශ කරන්නට බැරි බවත් ශක්තිමත් පදනමක් නිර්මල දර්ශනයක් තිබෙන ශ්‍රේෂ්ඨ මිනිසුන් කීප දෙනෙක්ගේ ලෙයින් සනිටුහන් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය විනාශ කරන්න බැරි බවත් ඇය පවසයි.

මෙම වීඩියෝව හරහා හිටපු ජනාධිපතිය මේ මොහොතේ පක්ෂය දුර්වල කිරීමට අදාළව හිටපු ජනාධිපති, වත්මන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ වෙත චෝදනා කර සිටියේය.

අදාළ වීඩියෝව පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න