Language Switcher

V2025

විකුණන සහ ණය ගන්න : කබ්‍රාල් සූත්‍රය එළියට !

මෙරට විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 07 ඉක්මවා වර්ධනය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමතිවරයා තබා තිබෙන ෆේස්බුක් සටහනක් මගින් රුපියල් කෝටි 80,000ක පමණ විදේශ ණය ඉදිරි මාස කිහිපය තුළ ලබාගන්නා ආකාරය විස්තර කර තිබේ.

එම සටහනෙහි දක්වා ඇති ආකාරයට ඩොලර් මිලියන 3,750ක් ණය වශයෙන්ද තවත් ඩොලර් මිලියන 400ක් ඌන උපයෝජිත වත්කම් යනුවෙන් හඳුන්වා ඇති ජාතික සම්පත් විකිණීමෙන්ද ලබාගන්නා බව සඳහන් වේ. ඩොලර් මිලියන 3750ක් යනු පවතින නිලවිනිමය අනුපාතයට අනුව රුපියල් කෝටි 80,000ක් පමණ වන අතර මේ වනවිට පවතින කළු කඩ විනිමය අනුපාත අනුව එය රුපියල් කෝටි 90,000ක් පමණ වේ.

රටවල් සහ ආයතන 07කින් එම ණය මුදල ලබාගැනීමට නියමිතය.

ඉන්දියාව සමග සිදු කරන SWAP පහසුකම: ඇ.ඩො.මි 400 බංගලාදේශය සමග සිදු කරන SWAP පහසුකම: ඇ.ඩො.මි 250 චීන සංවර්ධන බැංකුවේ ලැබෙන ණය : ඇ.ඩො.මි 300 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට විශේෂ අයිතිවාසිකම් ප්‍රධානය (Special Drawing Rights allocation from the IMF) : ඇ.ඩො.මි 800 මහ බැංකුව ඉදිරි මාස 3 තුළ විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගැනීම්: ඇ.ඩො.මි 200 දේශීය බැංකු සතු ස්වෛරීත්ව බැඳුම්කර (ISB) වලින් ලැබෙන ගලා ඒම: ඇ.ඩො.මි 300 ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක SWAP පහසුකමක් සඳහා මහ බැංකුව චීන මහජන බැංකුව සමග එකඟ වී ඇති අතර, එය ද සංචිතවල කොටසක් ලෙස ඇතුළත් කළ හැකිය.

මීට අමතරව ඌන උපයෝජිත වත්කම් උපයෝගී කර ගැනීමෙන් ඇ.ඩො.මි 400 ලබා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් වන්නේ මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය ආශ්‍රිත ඉඩම් අක්කර 13ක් චීනයට විකිණීම තුළින් බව අනාවරණව වේ.

lanka truth