Language Switcher

V2025

ආණ්ඩුව විසඳුම් කල්දායි : ගුරු සටන අඛණ්ඩව !

ගුරු – විදුහල්පති ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැතිවරයා සමග අද (27) පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන්ව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මේ වනවිට ආරම්භ කර ඇති ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරන බව ලංකා ගුරු  සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග අරඹා තිබෙන්නේ කොතලාවල විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීම, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වසර 24ක් නොවිසඳුනු වැටුප් විෂමතාවන් ඉවත් කිරීම, ඔන්ලයින් සදහා සියලු දරුවන්ට පහසුකම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.

අද පැවැති සාකච්ඡාව පැය 2කට ආසන්න කාලයක් පැවති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එහිදී මෙම ගැටළු විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හෝ වෘත්තීය සමිති වෙත ලබා දීමට බලධාරීන් මැලිවූ බවත් ඔහු පවසයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කල් මරණ ආණ්ඩුවට මෙම ගැටළු විසඳහා දරුව්නගේ අධ්‍යාපනය කඩිනම් කරගැනීම සඳහා ආණ්ඩුවට බල කරන්නැයි ඔහු දෙමවිපියන්ගෙන් සහ ශිෂ්‍යන්ගෙන්ද ඉල්ලා සිටියේය.

මේ අතර සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ පවසන්නේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් වන පළමු පියවර, ඉදිරි අයවැය ලේඛනය තුළින් ගැනීමට එකඟතාව පළ වී ඇති බවය.