රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අගෝස්තු මස 31 වනදා දක්වා තාවකාලිකව ඉවත්කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.
ඒ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති වශයෙන් කටයුතුකරමින් සිටියදී රුපියල් මිලියන පහක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණයකළේ යැයි චෝදනාකරමින් ගොනුකර තිබූ නඩුවක් අද (13) විභාගයට ගත් අවස්ථාවේදීය.
ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා සඳහන් කර සිටියේ විදේශ ගමන් තහනම ඉවත්කරමින් නිකුත්කළ නියෝගය සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා දැනුවත්කිරීමට පියවරගන්නා ලෙසය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
