සමාජ මාධ්‍ය ජාල තහනමෙන් සංචාරක කර්මාන්තයට බලපෑම් !

සමාජ මාධ්‍ය ජාල තහනමෙන් සංචාරක කර්මාන්තයට බලපෑම් !

සමාජ මාධ්‍ය ජාල තහනම සිය ව්‍යාපාරික කටයුතුවලට ද දැඩිව බලපා තිබෙන බව සංචාරක කරමාන්තයේ නියුතු පිරිස් ආණ්ඩුවේ බලධාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැත.

ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීමත් සමග සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට පසුගිය මාර්තු 07 වෙනි දින ආණ්ඩුව තීරණය කළේය.

නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවර ගෙන ඇති බවය.

දින කිහිපයක් ඇතුළත (පැය 72ක්) අදාළ අවහිර කිරීම ඉවත් කරනු ඇතැයි ඒ අවස්ථාවේ බලාපොරොත්තු වූ නමුත්, එය ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනතුරුම (සෙනසුරාදා රාත්‍රිය) තීරණයකට එළඹී නැත.

රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙම තහනම දින තුනක කාලයක් සඳහා සළකා බැලූ බවයි. ඊයේ දිනයේදී එම තහනම ඉවත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළත් අද දිනයේදිත් එය ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ.

fb 500

මහනුවර එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ දෙදරු පියෙක් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය.

ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති.

මෙවැනි අවහිර කිරීමක් සිදු වූ පළමු අවස්ථාව :

ශ්‍රී ලංකා ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම බොහෝ විශ්ලේෂකයන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක්විය.

BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම පෙන්වා දුන් පරිදි, ශ්‍රී ලංකාව තුළ මෙවැනි අවහිර කිරීමක් සිදු වූ පළමු අවස්ථාව මෙයවේ.

සාමාන්‍ය ජනතාවට සමාජ ජාල භාවිතය අවහිර කරනු ලැබුවත්, රටේ ප්‍රධාන නායකයන් තවදුරටත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල දිගටම භාවිත කරන බව පර්යේෂිකාවක සහ ක්‍රියාකාරිනියක වන ඉරෝමි පෙරේරා මේ අතර පෙන්වා දී තිබුණි.

muslm 1සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම පිටිවහලක්

කෙසේ වුවත් සිකුරාදා මහනුවරදී බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ මුස්ලිම් විරෝධී කෝලාහල මැඩ පැවැත්වීම පිණිස සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම පිටිවහලක් වූ බවය.

සමාජ මාධ්‍ය ජාලවල කාර්යභාරය විය යුත්තේ සමාජයට නිසි තොරතුරු ලබාදීම විනා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නොවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න