ගොඩනැගිලි හදළා දෙන්න පුළුවන් : ඒත් හදවත් ! - හමුදාපතිගෙන් වැදගත් කතාවක්

ගොඩනැගිලි හදළා දෙන්න පුළුවන් : ඒත් හදවත් ! - හමුදාපතිගෙන් වැදගත් කතාවක්

මහනුවර ප්‍රදේශයේදී ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් විනාශයටපත් ගොඩනැගිලි සහ පුජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මැදිහත්වන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක සඳහන් කරයි.

මහනුවර ප්‍රදේශයේ සිංහල සහ මුස්ලීම් ව්‍යාපාරික හමුවකට එක්වෙමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කල අතර අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජනාධිපති අරමුදලින් ප්‍රතිපාදන වෙන්කර දෙන බවටද ජනාධිපතිවරයා දැනුම්දුන් බවත් ඔහු එහිදී පැවසීය.

ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කල ආකාරයට ගොඩනැගිලිද සාර්ථකව ප්‍රතිසංස්කරණය කර දීමට ශ්‍රී ලංකා හමුදාවට හැකි නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල වූ හදවත් සුව කිරීමට හමුදාවට නොහැකි බවද හමුදාපතිවරයා එහිදී පැවසීය.

ජනතාවගේ හදවත් සුවපත් කිරීම සඳහා මැදිහත්වීම දේශපාලන කටයුත්තක් බවත් ඔවුන් සියළු දෙනා ඒ වගකීම ඉටුකරන්නට මැදිහත්වීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කටයුත්තක් බවද හමුදාපතිවරයා සඳහන් කරයි.

එසේම ප්‍රචණ්ඩකාරී සිදුවීම් පාලනය කිරීමට හමුදාව එන විට සියල්ල ගිනිගෙන හමාර බවත් මේ වන විට එම ප්‍රදේශයේ ජනතාව පොලිසිය කෙරෙහි දක්වන සැකය ඉවත්කිරීමටද කටයුතු යෙදිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

"කණගාටුවෙන් වුනත් කියන්න ඕන, මේ සිදුවීමේදී කෙළින්ම ඇඟිල්ල දිගුවෙලා තියෙන්නේ පොලිසියට සහ විශේෂ කාර්ය බලකායට. ඒ ජනතාව කියනවා ඔවුන් බලාගෙන ඉන්නකොටයි සේරම කළේ කියලා. ඒ සැකය අවිස්වාසය, හොඳ දෙයක් නෙවෙයි. අපිට මේ ගැන කණගාටුයි කියලා විතරයි කියන්න තිබුණේ. ඒ නිසා අපි කියන්නේ, මේ මිනිසුන්ගේ හදවත් දිනන්න අවශ්‍යයි. අපි බිල්ඩින් හදලා දුන්නට ඒ විතරක් ප්‍රමාණවත් නෑ."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න