Image

කපිල චන්ද්‍රසේන ගේ බිරිඳට විවෘත වරෙන්තු

කපිල චන්ද්‍රසේන ගේ බිරිඳට විවෘත වරෙන්තු

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායකට එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ නඩුව කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ය.

සිද්ධියට අදාළ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නයෝමාලි හට දින වරෙන්තුවක් නිකුත් කර ඇති බැවින් විවෘත වරෙන්තුවක් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන  ලෙසට කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස වරෙන්තු නිකුත් කරන ලදී.

මෙම දෙවැනි සැකකාරිය වෙනුවෙන් අධිකරණයට ඇප තබා තිබූ ඇපකරුවන් වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක එම ඇපකාරිත්වයෙන් ඉවත් කරන  ලෙස ඇපකරුවන් වෙනුවෙන්  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

තව ද ජනාධිපති නීතීඥවරයා පවසා සිටියේ මිලියන 10ක එම ඇප මුදල රාජසන්තක කළ හැකි බවයි.

එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා නඩු ගොනුව නිරීක්ෂණය කර දන්වා සිටියේ මිලියන 10ක් නොව ලක්ෂ 200ක ඇප මුදලක් අධිකරණයට තැන්පත් කළ යුතු බවත් එම ඇප මුදල රාජසන්තක කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්විය යුතු බවයි.

එහි දී ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඇපකරුවන් දෙදෙනාට විදේශ ගත වීමට අවශ්‍යතාවක් ඇති බවයි.

ඒ අනුව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන  ප්‍රියංකා නයෝමාලි විජේනායකට ඇප තැබු ඇපකරුවන් දෙදෙනා ගේ ඇප ඉවත් කිරීම සහ එම ඇප මුදල් රාජසන්තක කිරීමට හේතු ලිඛිතව අධිකරණයට දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

නඩුව ලබන 22 යළි කැඳවිමට නියමිතයි.

මෙම සිද්ධියට අදාළ පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මේ වන විට මිය ගොසිනි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න