ජාතිවාදී ප්‍රචණ්ඩකාරීන්ට දැඩි දඬුවම් දෙන්න - ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ ඉල්ලති

ජාතිවාදී ප්‍රචණ්ඩකාරීන්ට දැඩි දඬුවම් දෙන්න - ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ ඉල්ලති

ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වගකිව යුත්තන් ඔවුන්ගේ ආගමික හෝ වාර්ගික බැඳියාවන් හා පූර්ව විශිෂ්ටතා නොසළකමින් තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමට අධිකරණයට යොමුකළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ එකමුතුව අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව අවධාරණය කරන අතර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත මඟින් වෛරී සහගත ප්‍රකාශන සම්බන්ධව ඇති වගන්ති මඟින් අදාළ පාර්ශව වෙත නඩු පැවරිය යුතු බවත් මෙම ප්‍රචණ්ඩ රැල්ල පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් සහ සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවන ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එසේම නීතීඥයින් ඇතුළු සියළු වෘත්තිකයින් මෙන්ම සාමයට ලැදි සමස්ථ ජනතාව ආගමික හා වාර්ගික සමඟිය වෙනුවෙන් නැගීසිටිය යුතු බවද එම නිවේදනය හරහා අවධාරණය කර ඇත.

එසේම දීර්ඝකාලීන සංහිඳියාවක් වෙනුවෙන් බහුජන කොටස් එක්ව වහා කටයුතු කලයුතු බවත් රජය විසින් සාමය හා සංහිඳියාව ඇති කිරීමට ක්ෂණිකව ගන්නා පියවර සඳහා තමන් කොන්දේසි විරහිතව සහය පළකරන බවද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ එකමුතුව සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න