මහනුවර: "තත්ත්වය සාමාන්‍ය අතට"

මහනුවර: "තත්ත්වය සාමාන්‍ය අතට"

ගෙවීගිය පැය 24ක කාලයක් තුළදී වාර්තාවූ සුළු සිදුවීම් කිහිපයක් හැරෙන්නට මහනුවර තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

පොලිසිය පෙන්වාදෙන පරිදි දිවයිනේ අනෙකුත් තැන්වල සුළු සිදුවීම් කිහිපයක් වාර්තාවුවද සමස්තයක් ලෙස පවතින්නේ සාමකාමී බවකි.

මහනුවර ජනතාව සිය එදිනෙදා කටයුතුවල යෙදෙන අතර පසුගියදා හටගත් සිදුවීම්වලින් පීඩාවට පත්වූවන් සිය දේපළවලට වූ හානිය සොයාබැලීම සඳහා මගට බැස ඇති බව අප වාර්තාකරුවෝ පවසති.

meheya 600

 මේ අතර, දිගන ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයට ගිනිතැබීම හේතුවෙන් සිකුරාදා (මාර්තු 09) යාඥාව සඳහා ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියක් තෝරාගෙන තිබේ.

දැඩි හමුදා රැකවරණ මැද ඒ සඳහා ක්‍රීඩා පිටිය සකසන අයුරු අප වාර්තාකරුවන්ට දැකගත හැකි විය.

amry 600

පොලිසිය පවසා තිබුණේ පැය 24 ක කාලය දී ප්‍රදේශ ගණනාවක කළ සෝදිසි මෙහෙයුම්වලදී පැට්‍රොල් බෝම්බ 20 ට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවය.

මේ අතර ගෙලිඔය ඇතුළු ප්‍රදේශ ගණනාවක බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු සිංහල ප්‍රජාව එක්ව අදාළ ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ඇතුළු ඔවුන්ගේ දෙපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් සංවිධානගතවූ බවට ද තොරතුරු වාර්තා විය.

(බීබීසී සිංහල සේවය)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න