දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමට ගුරුවරු මෙන්ම විදුහල්පතිවරුන් ද කැපවිය යුතුයි - අගමැති

දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමට ගුරුවරු මෙන්ම විදුහල්පතිවරුන් ද කැපවිය යුතුයි - අගමැති

දරුවන් ඉහළ ප්‍රතිඵල පෙන්වන පාසල්වලට යොමුවීමේ ප්‍රවණතාවක් පවතින නිසා රටේ සියලුම පාසල්වල ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරු තම විදුහලේ විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒමට කැපවී කටයුතු කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (07) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

ජනප්‍රිය පාසල්වලට පමණක් යාම තවදුරටත් දරුවන්ගේ අරමුණක් නොවන බවත් ඉහළ ප්‍රතිඵල පෙන්වන විද්‍යාල වෙත දරුවන් යොමුකිරීමේ දෙමාපිය ප්‍රවණතාවක් පවතින බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. මෙවර උසස් පෙළ විභාගයෙන් තාක්ෂණ විෂය සඳහා ඉහළ සාමාර්ථ ලබා ගත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නවිනි රවිෂ්කා සිසුවිය සහ භානුක වික්‍රමසිංහ සිසුවා අරලියගහ මන්දිරයට පැමිණ ප්‍රතිඵල ප්‍රකාශ කළ අවස්ථාවේ අගමැතිවරයා මේ බව අවධාරණය කළේය.

නවිනි රවිෂ්කා සිසුවිය ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගෙන ඇති අතර භානුක වික්‍රමසිංහ සිසුවා ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ සිව්වන ස්ථානයට පත්ව තිබේ.

තාක්ෂණ විෂය සදහා සියලු පහසුකම් සහිතව ඉදිකර ඇති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට තාක්ෂණවේදය විෂය හැදැරීම සඳහා අනුරාධපුර, කිලිනොච්චිය, නිකවැරටිය සහ රත්නපුර ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙන්ම ජනප්‍රිය පාසල්වල දරුවන්ද පැමිණෙන බව විදුහල්පති එම්ආ.ර්ඩී.කසුන් ගුණරත්න මෙහි දී සදහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න