කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි, ඉන්දියානු ජාතිකයා හදිසියේ අසනීප වී වාරියපොළ රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇති බව වාර්තා වෙයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මාධ්‍ය වෙත පවසා සිටින්නේ , වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියදී ඊයේ (05) රාත්‍රීයේ හදිසියේ ඔහු රෝගී වී ඇති බවය.
සැකකරු එම අවස්ථාවේ රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇතැයි, කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.
එලෙස මියගොස් ඇත්තේ ඉන්දියානු ජාතික දිලිප් කුමාර් නමැති 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ මෘත ශරීරය මේ වනවිට වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව තැන්පත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
