විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද දහවල් අභාවප්‍රාප්ත විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කලක් රෝගාතුරව සිටි ඒ මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි.
1953 වසරේ ජනවාරි 07 වැනිදා අනුරාධපුරයේදී උපන් අනුර සේනානායක මහතා මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
1973 වසරේ ඔක්තෝබර් 15 වැනිදා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ඔහු පොලිස් සේවයට එක්වන්නේ සිය පියාගේ අඩිපාරේ යමින් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
