මහින්දට විපක්ෂනායක වීමට අවස්ථාවක් !

මහින්දට විපක්ෂනායක වීමට අවස්ථාවක් !

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීමට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

''මුල් අවස්ථාවේදී ඔවුන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඉල්ලුවා. ඒ අවස්ථාවේදී ආපු තර්කය තමයි ඔවුන් තරග කරලා තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කියන කාරණය.

පාර්ලිමේන්තුවෙන් එළියේ තියෙන දේශපාලන පක්‍ෂ ගැන පාර්ලිමේන්තුවට වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ ඇතුළේ තිබෙන පක්‍ෂ නියෝජනය කරන්නේ කවුද කියන එකයි වැදගත්.

මේ පාර ඡන්දයේ දී සිදුවූ‍ විශේෂ දේ තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ආපු 45 ආසන්න මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති පක්‍ෂය හරහා එයට උදව්ක්, එයට කැමැති වෙලා ඇවිත් තියෙනවා.

දැන් එතුමන්ලාට තිබෙන්නේ ඒ පක්‍ෂය තමන්ගේ පක්‍ෂය හැටියට තමන් පිළිගන්නා බව, තමන් ඒ පක්‍ෂයේ සාමාජික බව ප්‍රකාශ කරලා කථානායකතුමාට ඉල්ලීමක් කිරීමයි.

එහෙම ඉල්ලීමක් කළොත් අපි එය පිළිගන්නවා’ යැයි ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න