විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්, මහලේකම්වරුන් ඇතුළු ප්‍රධානීන් සමග අද (23) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.
ඒ, අධිකරණ ක්ෂේත්‍රය විනිශ්චයකාරවරුන් පත් නොකිරීම, ඇතැම් තනතුරු සඳහා විශ්‍රාම වයස් දීර්ඝ කිරීම, නව ව්‍යවස්ථාවක් වෙනුවට යළිත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒකට දරණ උත්සාහය, ඇතුළුව රට මුහුණ දෙමින් ඇති අර්බුද පිළිබඳ සාකච්ජා කිරීමේ අරමුණින්.
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කරුණු ඉටු කිරීමට ආණ්ඩුවට බල කිරීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු කිරීමට නියමිතයි.
ඒ අනුව, පස්වරු 4.30ට අදාළ සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත අතර, හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට සහ හිටපු අගමැතිවරුන්ට ද ඒ සඳහා ආරාධනා කර තිබෙනවා.
එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සියලු ම දේශපාලන පක්ෂවලට ද මේ සඳහා ආරාධනා කර ඇති බව සඳහන්.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
