ගව ඝාතනය නැවැත්වීම සඳහා ආණ්ඩුව විසින්ම යෝජනා කරමින් තිබියදී කටුනායක ආයෝජන කලාපයේ මස් සැකසුම් කර්මාන්ත ශාලාවක් විවෘත කරන්නේ කෙසේදැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සිය අප්‍රසාදය පළ කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත් පැවසුයේ, බුදුන් වැඩි බිමේ මෙවැනි දෙයක් සිදු වීමට නුසුදුසු බවත්, සිය විරෝධය නොසලකා කර්මාන්තශාලාව විවෘත කරන්නේ නම් එහි බිලි වන පළමු සත්ත්වයා වෙනුවට තමන්ගේ ගෙළ සිඳ ගැනීමට තමන් ඉදිරිපත්වන බවත් ය.
මහින්ද රාජපක්ෂ අතීතයේදී 'කිවු දේ කළ නායකයෙක්' බවත් නමුත් වර්තමානයේදී ඔහු ලබාදෙන පොරොන්දු ඉටු නොවන්නේ මන්ද යන්න ගැටලුවක් බවත්, මර්වින් සිල්වා පවසයි.
සබැදි පුවත් : මාංශ කර්මාන්තය හකුලා නොගතහොත් හිමිවරු පෙරට
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
