පිල්ලෙයාන් වැරදියි – අධ්‍යාපන ලේකම්

පිල්ලෙයාන් වැරදියි – අධ්‍යාපන ලේකම්

දේශපාලන ප‍්‍රචාරක කටයුතු සඳහා සිසුන් සහභාගි කරගන්නේ නම්, එය වැරැදි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

යම් කටයුත්තකට සහභාගි කරවා ගන්නේ නම්, ඊට අධ්‍යාපන බලධාරීන්ගෙන් අවසර ලබාගත යුතු යැයි ද, නමුත් දේශපාලන කටයුතුවලට සිසුන් සහභාගි කර ගැනීමට නොහැකි බව ද ඔහු සඳහන් කර සිටී. පාසල් සිසුන් එවන් කටයුත්තකට සහභාගි කරවා ගත හැකි ද යන්න විමසීමේ දී ඔහු මේ බව කීවේය.

නමුත් පිල්ලෙයාන් මන්ත‍්‍රීවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වැඩි විස්තර නොදන්නා බවත්, තමන් ද මාධ්‍ය මඟින් මේ බව දැනගත් බවත්, එවන් දෙයක් සිදුව ඇත්නම්, එහි වැරැද්දක් ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි. ඇප මත සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පිළිගැනීමේ උත්සවයකට කල්කුඩාහි පංචන්කර්නි විදුහලේ සිසුන් පාසල් නිල ඇඳුමෙන් සහභාගී කරවා ගැනීමේ සිද්ධියක් පසුගිය 07 වැනිදා වාර්තා විය. පාසල් සිසුන් පාසල් නිල ඇඳුමින් දේශපාලනමය කටයුතුවලට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් එම සිද්ධිය බොහෝ පිරිස්වල විවේචනයට ලවිය.

ද්‍රවිඩ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරනු ලැබ සිටි අතර, පසුගිය දා ඔහු ඇප මත මුදාහැරිණි. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත් වීමෙන් පසුවය.

සබැදි පුවත්

පිල්ලෙයාන් පාසල් ළමුන් දේශපාලන ප‍්‍රචාරයට යොදවා ගනී (video)

අශෝක ධර්මසිරි – ලංකා 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න