මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තිබේ.
එහිදි එක් රැඳිවියෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
අද රාත්‍රී 7.30 වන විට බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැත අතර, දිගින් දිගටම වෙඩි ශබ්ද ඇසීමක් සිදු වී ඇති බැවින් පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය සඳහා මේ වනවිට යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
ඊට අමතරව නාවික හමුදාවද මහර බන්ධනාගාරය අසළට කැඳවා තිබේ.
වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද, ඔවුන් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
