ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කා චීන ගැත්තෙක් : ඉල්ලා අස්වෙන්න බලපෑම් !

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කා චීන ගැත්තෙක් : ඉල්ලා අස්වෙන්න බලපෑම් !

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්‍රෝස් අද්නාම් ගෙබ්‍රියස් (Tedros Adhanom Ghebreyesus) හට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

ඒ, කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය දැක්වූ ප්‍රතිචාර ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිසි ලෙස මැදිහත්වීමක් සිදුනොකළ බවට චෝදනා එල්ලවෙමින් පවතින පසුබිමකයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනය සත්‍ය තොරතුරු ලොවට වසන් කළ බවත් ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉල්ලා අස්විය යුතු බව රිපබ්ලිකන් සෙනට් සභික මාර්තා මැක්‌සාලි සඳහන් කරයි.

අමෙරිකාවේ Fox නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඇය කියා සිටියේ, චීනයේ නිසි විනිවිද භාවයකින් තොරව කටයුතු කිරිමේ වැඩි චෝදනාව එල්ල වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත බවයි.

 ''ඔහු මුළු ලෝකයාම රවටා අවසන්''

කිසිම අයුරකින් තමන් කොමියුනිට්ස්වාදියෙක් විශ්වාස නොකළ බවත්, චීනයේ මෙම ක්‍රියා පිළිවෙත හේතුවෙන් අමෙරිකාව ඇතුළු ලොවපුරා විශාල මිනිස් ජිවිත සංඛ්‍යාවක් අහිමි වෙමින් පවතින බවත් ඊට වගකිව යුත්තේ සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා බවත් පවසන ඇය,  ''ඔහු මුළු ලෝකයාම රවටා අවසන්'' යයි චෝදනා කර කියා සිටියි.

ඇය වැඩි දුරටත් මෙසේද කියා සිටියි.

"ආචාර්ය ටෙඩ්‍රෝස් ලෝකයාම රැවටීමකට ලක් කළා. ඔහු ප්‍රකාශ කර සිටියා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනයේ මැදිහත්වීම ඉතා ඉහලයි කියා.

පෙබරවාරි මාසය වන විට චීනයේ කොරෝනා ආසාධිතයින් 17,238ක් සහ මරණ 361ක් පමණක් වාර්තා වී තිබුණා.

ඔහු ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා චීනයට සංචාරක තහනමක් පැනවීම අවශ්‍ය වන්නේ නැහැ කියලා.

වෛරසය මැඩ පැවැත්වීමේදී ජාත්‍යන්තර වෙළදාම සහ සංචාරයන්ට අනවශ්‍ය ලෙස මැදිහත් වන පියවරන් ගැනීම අනවශ්‍ය බව අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

ඉකුත් මාර්තු මස 20 වෙනිදා ඔහු කියා සිටියේ චීනය තුල මේ වෙනවිට කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වන්නේ නැහැ කියලා. වෛරසය පරාජය කරන්නට හැකි බවට වන සහතිකයයි ඔහු එහිදී අපිට ලබා දුන්නේ" රිපබ්ලිකන් සෙනට් සභිකවරිය කියා සිටියා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිවරිය වන නිකී හේලි ද කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගනු ලැබූ ක්‍රියා මාර්ග ගැන දැඩි ලෙස චෝදනා කර තිබේ.

ගෙබ්‍රියස් ප්‍රධානියා කරන්න සහය දුන්නේ චීනය !

WHO Chief Praises Beijings Coronavirus Response

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය තවත් චෝදනා එල්ල කර ඇත. ආචාර්ය ගෙබ්‍රියස් මෙම තනතුරට පත් වූයේ ඡන්දයකින් වන අතර, ඔහු සම්බන්ධයෙන් විශාල විරෝධතා තිබියදී, චීනය ඔහුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන තනතුරට පත් කර ගැනීමට විශාල සහයෝගයක් ඔහුට දුන් බවත් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.

ආචාර්ය ගෙබ්‍රියස් තරග කරන අවස්ථාවේදී ඔහුට විරුද්ධව එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ඔහු ඉතියෝපියාවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන විට පැතිර ගිය කොළරා වසංගතයක් සැගවීමට උත්සාහ කළ බවටයි.

එසේම ආචාර්ය ගෙබ්‍රියස් වෛද්‍යවරයකු නොවන බවත්, ඔහුට ඇත්තේ මහජන සෞඛ්‍ය පිළිබඳ ආචාර්ය උපාධියක් පමණක් බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

''රොබර්ට් මුගාබේට තානාපති තනතුරක් ලබා දීමටත් උත්සාහ කරලා''

ආචාර්ය ගෙබ්‍රියස්ට විරුද්ධව නැගෙන තවත් ප්‍රධාන චෝදනාවක් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ලෙස ඔහු පත් වූ පසුව, චීනයේ දැඩි හිතෛෂීයෙකු ලෙස සැලකෙන කුප්‍රකට සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේ හට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තානාපති තනතුරක් ලබා දීමට ඔහු ගත් උත්සාහයයි. එල්ල වූ දැඩි විරෝධය නිසා පසුව එම අදහස ඔහු අත හැර දැමීය.

එමෙන්ම ආචාර්ය ගෙබ්‍රියස් ඉතියෝපියාවේ විදේශ අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ කාලයේ චීන ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට ද ඔහුට චෝදනා එල්ල වෙයි. වර්ෂ 2006 සිට 2015 යන කාලය තුළ පමණක් ඉතියෝපියාව චීනයට ඩොලර් බිලියන 13 ක ණය ලබා දී ඇති අතර, ඉතියෝපියාවේ ආර්ථිකය චීනය මත විශාල වශයෙන් රදා පවතී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න