2026 - එංගලන්ත සවි එසවීමේ ජාතික ශූරතාවලිය (England National Power Lifiting Championship 2026 ) පසුගියදා Southampton හි Untilit Bowl ශ්‍රවණාගාරයේ දී පැවත්විණි. එහි දී දැනට වර්තමාන එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා සම්භවයක් සහිත සුරේන් පෙරේරා කිලෝගෑම් 59 බර පන්තියේ විවෘත Classic අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
එහි දී Bench Press ඉසව්වේ කිලෝගෑම් 135KG , Dedlift ඉසව්වේ කිලෝගෑම් 220KG සහ Squat ඉසව්වේ කිලෝගෑම් 160KG සමස්ත බර කිලෝගෑම් 515KG ඔසවමින් දක්ශතා දැක්වු අතර, මෙම තරගාවලියේ දැනට පවතින Bench Press ඉසව්වේ තරග වාර්තාව ද සුරේන් පෙරේරා සතු වීම විශේෂයත්වයකි.
එම වාර්තාව 2025 වසරේ දී කිලෝගෑම් 140.5KG බරක් ඔසවන ලදී. මෙම ශූරතාවලිය ජාත්‍යන්තර සවිය එසවීමේ සංගමය (IPF) යටතේ ඇති English Power Lifiting Association සංගමය මගින් වාර්ශිකව සංවිධානය කරනු ලබයි.
සමීර මදුසංක හේවා ගමගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
