අද (07) දිනයේ මේ වන විට තවත් කොරෝනා වෛසර ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයින් 180 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඉන් පුද්ගලයින් 137 දෙනෙකු අයි.ඩි.එච්, වැලිකන්ද සහ මුල්ලේරියාව ඇතුළු රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබන බවත් වාර්තා වෙයි.
එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත පුද්ගලයින් 257 දෙනෙකු රෝහල් 30ක වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය දත්ත වාර්තා පෙන්වා දෙයි.
එසේම මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත රෝගීන්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 44 කි.
තවද පුත්තලම දිස්ත්‍රික්කෙයන් 31 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 13දෙනෙකු, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලින් 07දෙනෙකු බැගින් වාර්තා වී තිබේ.
මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙකු, කුරුණෑගල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් දෙදෙනෙකු බැගින් සහ ගාල්ල, කෑගල්ල, මඩකලපුව, බදුල්ල, යන දිස්ත්‍රික්ක වලින් එක් පුද්ගලයෙකු බැගින් වාර්තාවී තිබේ.
ලොවපුරා තත්ත්වය !
මේ වන විට ලෝකය පුරා ආසාදිතයින් 1347689 ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 74783 ක් වෙයි. සුවවූ ප්‍රමාණය 286463කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
