ගොසිප්

බාර් එක ලැබුණු හංසමාලි කවුද ? (වීඩියෝ )
උතුරු වසන්තය සහ නැගෙනහිර වසන්තය යන ව්‍යාපෘති වල දූෂණ වංචා ගණනාවක් සිදුව ඇති බවත් ඒවාට කැබිනට් ඇමතිවරුන් ද සම්බන්ධ බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානකියන් පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පාර්ලිමේන්තුව අමතමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය.
"උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියට දීලා තියෙනවා පෙට්‍රල් ස්ටේෂන් එකක්. මේක ගැන හොයලා බලන්න. මොකද මේ පෙට්‍රල් ස්ටේෂන් එක දීලා තියෙන කට්ටිය, මේකෙ ඉන්න ඩීලර්ස්ලා කවුද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න. මේකෙ එක ඩීලර් කෙනෙක් ඉන්නවා මිසිස් යූ.ජී.ඊ. හංසමාලි කියලා. හංසමාලි කියලා නම කියපු ගමන් පොඩ්ඩක් හොයලා බලයි දැන්. නෑ, නෑ, ඒ හංසමාලි නෙවෙයි මේ වෙන හංසමාලි කෙනෙක් මං හිතන්නෙ ... ඇමතිතුමා මේ ඇමතිතුමාගෙ ප්‍රශ්නයක් නෙවෙයි"
මන්ත්‍රීවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝවේ.

තරුණ මිත්‍රත්ව පදනම සහ ලංකා මානව හිමිකම් සංවිධානය එක්ව තවත් සත්කාරයක !
තරුණ මිත්‍රත්ව පදනමේ නිළධාරින් සහ සමාජික සමාජිකාවන් සහ ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය දේශමාන්‍ය සරත් ජයන්ත පිරිස් සහ එම මැතිණිය සමඟ සියලුම දෙනා එක්ව ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය නගරයේ බොරකන්ද ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා කොරෝනා රෝගින් හට උදෑසන තේ පැන් සංග්‍රහය සහ දිවා හෝජනය ලබා දිම පසුගිය 28 වනදා සිදු කරන ලදි.
එම අවස්ථාව සඳහා ඉතා සීමිත පිරිසක් සහභාගී වූයේ නිරෝධායන නීති අනුව කටයුතු කළ බැවිනි.
මෙරට පළමු කොරෝනා රැල්ල අවස්ථාවේ සිට ලංකා මානව හිමිකම් සංවිධානය විසින් ආරක්ෂක අංශ ඇතුළු පිරිස් වෙත මුහුණු ආවරණ බෙදීම , අසරණ ජනතාව වෙත ඔවුන්ගේ අවශ්‍යතා අනුව විවිධාකාරයට ආධාර සපයමින් විශාල වැඩකොටසක් ඉටුකරනු ලබයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති දේශමාන්‍ය සරත් ජයන්ත පීරිස් පවසා සිටියේ කොරෝනා රෝගීන්ගේ චිත්ත ධෛර්යය නැංවීම මෙම කටයුත්තේ අපේක්ෂාව වූ බවයි.
ඉදිරියේ තවත් මෙවැනි කටයුතු කිහිපයක්ම ලංකා මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කර ඇති බවත් ඔහු පැවසීය.
https://www.newstube.lk/gossip?start=72#sigProId88b86f0ed1

ගණිකා නිවාස මඩක් ගැන කියන්න අනූෂා CIDට
වලාන පොලිස් දූෂණ මර්දන ඒකකය මගින් මාලඹේ ප්‍රදේශයේදී නිවසක් වටලා ගණිකා සේවයේ නිරත ලාංකික තරුණියන් 03දෙනෙකු සහ තායිලන්ත තරුණියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිු බවටත් මෙම ස්ථානයේ සැබෑ හිමිකරු රංගන ශිල්පිණී අනූෂා දමයන්ති බවටත් ඇය පොලිසිය භාර ඇමතිවරයාට කතා කර තරුණියන්ට නවාතැන් සැපයූ තම බෝඩිමක් බව පවසා අත්අඩංගුවට ගත් අය වහාම මුදා හැරගෙන ඇති බවත් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ කතාවක් පැතිර යයි.
ඒ සම්බන්ධයෙන් අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් සිදු කර ඇත.
ඇය සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය හරහා තමාට සිදුකරන දැඩි මඩ ප්‍රහාර දරාගත නොහැකි බැවින් මෙලෙස පැමිණිලි කිරීමට කටයුතු කළ බවයි.
''මට ෆේස්බුක් එකේ දැඩි මඩ ප්‍රහාරයක් යනවාග සරත් වීරසේකර ඇමතිතුමාවත් සම්බන්ධ කරගෙනග රාජපක්ෂ කඳවුර වෙනුවෙන් මම දැඩිව සටන් කරපු කෙනෙක් නිසා වෙන්න ඇති කියලා මම හිතනවාග කාන්තාවක් විදිහට ෆේස්බුක්වල යන ඒ දේ කිසිසේත්ම සුදුසු නෑග කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේග නින්දිත විදිහට ඒ ක්‍රියාව සිදුවෙනවාග මම හීනෙකින්වත් හිතපු නැති දේවල්ග මම සමාජයේ සුදුසු නැති ක්‍රියාවක යෙදුනා සහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා කියලාග වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ නිවස වැටලුවාට පස්සේ මම සරත් වීරසේකර ඇමතිතුමාට කෝල් කළා කියලාග සමාජය බුද්ධිමත්ග ඒත් සමහර අය හිතන්න පුළුවන් මේක ඇත්ත කියලාග ෆේස්බුක් එක හරහා මේ වගේ අපහාස කරනවා කියන්නේ මේක මිනිහෙක්ව මරණවා හා සමානයි."

දික්වැල්ල, මෙන්ඩිස්, ගුණතිලක නිරෝධායනයට
එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු වන උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩකයින් තිදෙනා අද (29) දහවල් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ තිබේ.
අද දහවල් 1.15ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ල නිරෝධායනයට දිවයිනට පැමිණි එම ක්‍රීඩකයන් තිදෙනා නිරෝධානය සඳහා මීගමුව ප්‍රදේශයේ හෝටලයකට යොමු කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ නිරෝධානය සඳහා වැය වන මුදල් අදාල ක්‍රීඩකයන්ගෙන් අයකරගැනීමට බලාපොරොත්තු වන බවයි.

නිරූපණ ශිල්පිනියකට අගමැතිගෙන් පත්වීමක්
අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නව සම්බන්ධීකාරක ලේකම්වරියක් ඊයේ (09) දිනයේදී පත්වීම් ලබා තිබේ.
මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන කෞෂි වෙඩිකාරආරච්චි එම තනතුරු සඳහා මෙසේ පත්වීම් ලබා ඇත.
ඇය නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කරන අතර සිරස රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙසද කටයුතු කර තිබේ.
නව තනතුර සදහා පත්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ දිනයේදී ලබා දී ඇති අතර ඇයගේ සැමියා ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයා වන දමිත වික‍්‍රමසිංහ බව පැවසේ.

දික්වැල්ල, මෙන්ඩිස්, ගුණතිලක ජෛව බුබුලෙන් පිටපැන්නාද?
එංගලන්ත තරග සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු වන උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම්හි සැරිසරන ආකාරය ත් දුම්වැටික් පානය කිරීමට සූදානම් වන ආකාරයත් දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් වී තිබේ.
පවතින කොවිඩ් – 19 ව්‍යාප්තිය හමුවේ එංගලන්ත – ශ්‍රී ලංකා තරගාවලිය ජෛව ආරක්ෂිත ජෛව බුබුලකට යටත්ව පැවැත්වෙන අතර එම ක්‍රීඩකයින් තිදෙනා එම රීති උල්ලංඝනය කර ඇත්නම් ඔවුන්ව වහාම දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩයමේ කළමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාවට අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ක්‍රීඩකයින් ලන්ඩනයෙන් මෙරට බලා එන පළමු ගුවන් යානයෙන්ම හරවා එවිය යුතු බවට ක්‍රිකට් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

මහින්දට leave අනුමතයි
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහට මාස 03 ක නිවාඩුවක් ලබාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත විය.
මෙම නිවාඩුව ලබාදී ඇත්තේ විදේශගතව සිටියදී ඔහු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.
කෙසේ වෙතත් තමා ලබන 08 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණෙන බව මහින්ද සමරසිංහ පවසා ඇත.
මහින්ද සමරසිංහට නිවාඩු ලබා දීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සභානායක දිනේෂ් ගුණවර්ධන විසිනි .

ලංකා මානව හිමිකම් සංවිධානය : පොලිස් ස්ථාන වෙත මුහුණු ආවරණ බෙදාදෙයි !
ලංකා මානව හිමිකම් සංවිධානය විසින් කොරෝනා වසංගතය හමුවේ රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මුහුණු ආවරණ (face mask ) බෙදාදීමක් සිදුකරනු ලැබිණ.
ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පිරිස් ගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත සිදුවිය.
එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි කොහුවල , කැස්බෑව , පිළියන්දල , දෙහිවල සහ තලංගම යන පොලිස් ස්ථාන සඳහා අදාළ මුහුණු ආවරණ බෙදාදීම සිදුවිය. පසුගිය සංචරණ සීමා පනවා තිබූ අතර අවස්ථාවේ ද ලංකා මානව හිමිකම් සංවිධානය මැදිහත්ව පොලිස් ස්ථාන සඳහා මුහුණු ආවරණ බෙදාදීම සිදුකරනු ලැබිණ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස් පවසා සිටියේ "මේ මොහොතේ තීරණාත්මක වැඩ කොටසක් සිදුකරන සහ කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් ඉල්ලීමට ඉඩක් නොමැති කොටසක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය වසංගතය හමුවේ ආරක්ෂා කරගැනීමට සහය වීම පුරවැසි යුතුකමක්" බවය.
"අපි හැමෝවම බලාගන්න පොලිසිය අපිත් බලාගන්න ඕන. ඔවුන් සෞඛ්‍ය අංශ වගේම සැලකිය යුතු සේවයක් කරනවා. ඒ නිසා ඒ සේවය ඇගයීමටත් තවදුරටත් සුරක්ෂිත ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබෙන දෙයක් හරහා අපිත් දායකත්වය සැපයුවා.
ඒ වගේම ඉස්සරහට ලංකා මානව හිමිකම් සංවිධානය දිවයින පුරා අසරණ පවුල් සොයා බලා සහන ප්‍රදානයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා."
ලංකා මානව හිමිකම් සංවිධානය විසින් සිදුකළ මුහුණු ආවරණ බෙදාදීමේ අවස්ථා කිහිපයක් පහත දැක්වෙයි.
https://www.newstube.lk/gossip?start=72#sigProIdcc9ca229ce
https://www.newstube.lk/gossip?start=72#sigProIdcc9ca229ce

ටෙරන්ස් පුරසිංහ දිවිසැරියට සමුදෙයි !
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
කලක් තිස්සේ රෝගී තත්වයකින් පීඩා විඳි ආචාර්‍යවරයා ප මියයන විට 60 හැවිරිදි වියෙහි පසුව ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය පිහිටුවීමට මුල් වී කටයුතු කළ ටෙරන්ස් පුරසිංහ එහි ප්‍රථම අධ්‍යයන අංශ ප්‍රධානියා ද විය.
මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය සහ පශ්චාද් උපාධිය ලබා ඇත.
සිවිල් සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් මාධ්‍ය සමග සමීප සම්බන්ධයක් පැවැත්වූ අයෙකි.
ටෙරන්ස් පුරසිංහ මහාචාර්යවරයා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (7) සිදුකිරීමට නියමිතය.
Page 5 of 5