Language Switcher

V2025

බාර් එක ලැබුණු හංසමාලි කවුද ? (වීඩියෝ )

උතුරු වසන්තය සහ නැගෙනහිර වසන්තය යන ව්‍යාපෘති වල දූෂණ වංචා ගණනාවක් සිදුව ඇති බවත් ඒවාට කැබිනට් ඇමතිවරුන් ද සම්බන්ධ බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානකියන් පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

"උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියට දීලා තියෙනවා පෙට්‍රල් ස්ටේෂන් එකක්. මේක ගැන හොයලා බලන්න. මොකද මේ පෙට්‍රල් ස්ටේෂන් එක දීලා තියෙන කට්ටිය, මේකෙ ඉන්න ඩීලර්ස්ලා කවුද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න. මේකෙ එක ඩීලර් කෙනෙක් ඉන්නවා මිසිස් යූ.ජී.ඊ. හංසමාලි කියලා. හංසමාලි කියලා නම කියපු ගමන් පොඩ්ඩක් හොයලා බලයි දැන්. නෑ, නෑ, ඒ හංසමාලි නෙවෙයි මේ වෙන හංසමාලි කෙනෙක් මං හිතන්නෙ ... ඇමතිතුමා මේ ඇමතිතුමාගෙ ප්‍රශ්නයක් නෙවෙයි"

මන්ත්‍රීවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝවේ.